මේ රටේ සියලු කොවිඩ් මරණ ආණ්ඩුව සිදුකළ ඝාතනයි…! ඊළඟ ආණ්ඩුවෙන් කොවිඩ් ඝාතන කොමිසමක් ඕන…! – පාඨලී…

August 7, 2021 at 9:34 pm | by emanisa.lk

2020 ඔක්තෝබර් මස නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන එන්නත් එම වසරේ නොවැම්බර් වන විට ලංකාවට ගෙන ඒමට තිබූ බවත් එසේ නොගෙන ඒම නිසා සිදු වූ සියලු මරණවලට ආණ්ඩුව වගකිව යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මෙම මරණ ඝාතන බවත් ඒ පිළිබඳ සොයා බැලීමට අනාගත ආණ්ඩුවක් යටතේ පාස්කු කොමිසම වැනි කොමිසමක් පත්කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

කොවිඩ් මරණ සංඛ්‍යා ලේඛන පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බවත් අනාගත රජයක් යටතේ නිවැරදි සංඛ්‍යා ලේඛන හෙළිකර ගත යුතු බවත් පාඨලී චම්පික අවධාරණය කරයි.

මේ වන විට ආණ්ඩුව එන්නත් ලබා දෙන්නේ ඉදිරියේ දී ඡන්දයක් පවත්වා බලය ලබා ගැනීම සඳහා බවටත් මන්ත්‍රීවරයා චෝදනා කළේ අද (07) මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *