මේ රටේ ජනතාව අන්තරේට ණයයි…! ඒ ණය ගෙවන්න ඉදිරියට එන්න…!

October 2, 2022 at 2:02 pm | by emanisa.lk

බුද්ධි අංශ වාර්තා අනුව මැයි 09 වෙනිදා කොළඹට ලක්ෂ 20ක ජනතාවක් පැමිණි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පවසයි.

විටින් විට ගාලු මුවදොරට කෝටියක පමණ ජනතාවක් පැමිණ අරගලයට සහයෝගය ලබා දුන් බව ද හෙතෙම පෙන්වා දෙයි.

බොහෝ පිරිසක් කිසිදා ගෝඨාභය පන්නා දැමිය නොහැකි යැයි සිතන අවස්ථාවක ඒ සඳහා දැඩි අධිෂ්ඨානයකින් යුතුව නායකත්වය දුන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය බවයි, දුමින්ද නාගමුව අවධාරණය කළේ.

එවැනි අයෝමය නායකත්වයක් දුන් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරද්දී නිහඬව සිටින ජනතාව එම ශිෂ්‍ය ව්‍යාපාරයට ණයගැති බව ද ඔහු සඳහන් කරයි. එම ණය ගෙවන්න ඉදිරියට ගෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද නාගමුව වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *