ඇල්ලූ ගොඩනැඟිලි සියල්ල ජනසතු කළා..! දැන් අපි ඉවත් වෙනවා..! – ළහිරු වීරසේකර…

July 14, 2022 at 12:25 pm | by emanisa.lk

අත්පත් කරගත් රජයේ ගොඩනැගිලිවලින් ඉවත්වීමට තමන් තීරණය කළ බව ගාලු මුවදොර අරගලකරුවෝ පවසති.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර මේ බව පැවසුවේ ගාලු මුවදොර පිහිටි අරගල භූමියේ දී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන්ට ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ගොඩනැගිලි අත්පත් කර ගැනීමට සිදු වූයේ ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට සංකේතාත්මක පණිවුඩයක් ලබාදීම සඳහා බව ද ළහිරු වීරසේකර පවසයි.

මේ වන විටත් ජනාධිපතිවරයා රටින් ද පළා ගොස් ඇති බවත් අද ඔහු ලොව කිසිම රටක් භාර නොගත් ජනාධිපතිවරයෙක් බවට පත්ව බවත් කී ළහිරු වීරසේකර, රනිල් වික්‍රමසිංහ ද තමන්ගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් මිනී මරපු නායකයෙක් හා රටට කිසිම දෙයක් නොකළ අගමැතිවරයෙක් ලෙස ඉතිහාසගත වීමට නියමිත බව ද කීවේය.

අරගලය ආපස්සට නොගෙන අඛණ්ඩව පවත්වාගෙන යන බව කී ළහිරු වීරසේකර, මෙම ගොඩනැගිලිවලින් ඉවත්වෙන්නේ ඒවා මහජන දේපල බවට පත්කරලමින් බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *