මේ ආණ්ඩුව තව දුවන්නේ වැඩි ම වුණොත් මාස 08යි….! ජනාධිපති මන්දිරේ වටලන්න අපි නායකත්වය දෙනවා…! – රාජිත

March 17, 2021 at 9:58 am | by emanisa.lk

මේ රටේ 2014 පැවැති බඩු මිල කිසිදු වැඩි කිරීමක් නොකර එලෙස ම 2019 දක්වා පවත්වා ගෙන ඒමට යහපාලන ආණ්ඩුව සමත් වූ බව රාජිත සේනාරත්න පවසයි.

2005 සිට 2019 දක්වා අච්චු ගැසී සල්ලි ප්‍රමාණය මෙන් තුන් ගුණයක් මුදල් වර්තමාන ආණ්ඩුව අවුරුදු එකහමාරක් තුළ අච්චු ගසා ඇතැයි ද ඔහු චෝදනා කළේ ය. බඩු මිල ඉහළ යාමට හේතුව එය බව ද ඔහු ද හෙළි කළේ ය.

මේ වසරේ ජනතාවට අවුරුදු ලෙව කෑමට සිදුවන බවත් 2021 අවුරුද්ද අවසාන වන විට වර්තමාන ආණ්ඩුවේ අවසානය සිදුවන තත්ත්වයක් ඇති වන බවත් රාජිත සේනාරත්න අවධාරණය කළේ ය.

නිරෝධායන නීති කඩාගෙන ඉන්දියානු ජනතාව මෙන් මෙරට ජනතාව ද පාරට බැස රාජපක්ෂලගේ ජනාධිපති මන්දිර වැටලිය යුතු බවත් ඒ සඳහා දිවි හිමියෙන් නායකත්වය දෙන බවත් ඔහු සඳහන් කළේ ය.

සමගි ජන බලවේග පළමු සංවත්සරයට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස