මේ අවස්ථාවේ ගුරු වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නෑ….! කොවිඩ් නිසා බිඳ වැටුණු ආර්ථිකයට තවත් බර දරන්න බෑ…! – භාණ්ඩාගාර ලේකම්…

August 2, 2021 at 2:06 pm | by emanisa.lk

ගුරු වැටුප් වැඩි කිරීමට මෙම අවස්ථාවේ දී හැකියාවක් නොමැති බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල පවසයි.

භාණ්ඩාගාර ලේකම්වරයා එලෙස පවසා සිටියේ, වසංගතය හමුවේ ආර්ථික කළමනාකරණය සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදීය.

පවතින කොවිඩ් බලපෑම මත එලෙස වැටුප් වැඩි කිරීමට හැකියාවක් නොමැති බව ද ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 68ක මුදලක් වැය වන බව ද එස්.ආර්. ආටිගල එහි දී ප්‍රකාශ කළේය.

ගුරු වැටුප් විෂමතා ගැටලුව 1994 වර්ෂයේ පටන් පැමිණි ගැටලුවක් බව ද ඉදිරියේ දී ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට හැකියාවක් තිබෙන බව ද ඔහු සඳහන් කළේ ය.

රාජ්‍ය සේවක වැටුප් සහ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජයට අවුරුද්දකට ට්‍රිලියනයකට අධික මුදලක් වැය වන බව ද රාජ්‍ය සේවක වැටුප් සඳහා අවුරුද්දකට රුපියල් බිලියන 800ක් සහ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් සඳහා අවුරුද්දකට රුපියල් බිලියන 250ක් ලෙස එලෙස ට්‍රිලියනයකට අධික මුදලක් වැය වන බව ද භාණ්ඩාගාර ලේකම්වරයා එහිදී ප්‍රකාශ කළේය.

ගුරු වැටුප් වැඩි කළහොත් එය රුපියල් බිලියන 1100 දක්වා වැඩිවන බව ද එය මෙම අවස්ථාවේ රජයට දැරිය නොහැකි තත්ත්වයක් වන බව ද භාණ්ඩාගාර ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස