ගුරු විදුහල්පති උද්ඝෝෂණවල සමාජ දුරස්ථභාවය හොඳට ම රකිනවා…! ඒ නිසා කොවිඩ් පැතිරීමේ අවදානමක් ඇති වන්නේ නෑ…! – ජෝෂප් ස්ටාලින්…

July 30, 2021 at 4:15 pm | by emanisa.lk

නගර අලංකණය, අධිවේගී මාර්ග, ජිම් 500ක් තැනීම වැනි නාස්තිකාර වියදම් සඳහා ආණ්ඩුවට මුදල් ඇත්නම් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට මුදල් නැතැයි කියන්නේ කෙසේ දැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලිං ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා මුදල් බැඳ අවසන් බව ද ස්ටාලින් පෙන්වා දෙයි.

උද්ඝෝෂණ කිරීමේ දී ගුරුවරු විදුහල්පතිවරු සමාජ දුරස්ථභාවය ඇතුළු නිරෝධායන නීති ආරක්ෂා කරන බවත් ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවට කොවිඩ් මැද සෙලන්දිවා පනත, වරාය නගර පනත සම්මත කර ගත හැකි නම් තමන්ට උද්ඝෝෂණ කළ නොහැක්කේ මන්දැයි ජෝෂප් ස්ටාලින් ප්‍රශ්න කරයි.

ආණ්ඩුව කළ යුත්තේ ගොවි ජනතාව පොහොර ද ගුරුවරුන්ට වැටුප් වර්ධක ද ලබා දී කොතලාවල පනත අහෝසි කිරීම බවත් එවිට කිසිවෙකු උද්ඝෝෂණ නොකරන බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *