කොවිඩ් වසංගතේ අදාළ නෑ..! අවුරුදු 24ක් රැවටුණා ඇති…! තවත් රැවටෙන්නේ නෑ..! – උලපනේ සුමංගල හිමි..

July 19, 2021 at 4:27 pm | by emanisa.lk

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව නොවිසදීමට විරෝධය පළකරමින් අද (19) අධ්‍යාපනය වෘත්තිකයන්ගේ සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

එහි දී එම සංගමයේ නියෝජිතයින් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සමඟ සාකච්ජාවක් පවත්වා තිබුණිි.

එහෙත් එහිදී සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණු බව අධ්‍යාපනය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි පවසයි.

කෙසේ වෙතත් වසර 24ක් තිස්සේ රැවටීමට ලක්වුවද ඉදිරියේදී නිසි විසඳුම් ලැබෙනතුරු මෙම අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන බව උන්වහන්සේ අවධාරණය කළහ.

ඇමතිවරයා සමඟ අද පැවති සාකච්ජාවේ දී ගත යුත්තක් නොතිබුණ බවද සුමංගල හිමියෝ කියා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *