මේ අල්ලාහ්ගේ දේශයේ වාසය කරන ඉස්ලාම් නොවන සියලු දෙනා මරා දමනවා! – යාපනයේ විදුහල්පතිනයකට පාසලට බෝම්බ ගසන බවට ලිපියක්…

May 5, 2019 at 6:46 pm | by admin

යාපනය චුණ්ඩක්කුලි බාලිකා විදුහලට බෝම්බ තබන බවට තර්ජනය කරමින් එහි විදුහල්පතිනියගේ නිවසට දෙමළ බසින් ලිපියක් එවා තිබේ. එහි අයිසිස් කොඩිය, තරුණයකුගේ ඡායාරූපයක් ඇති අතර ජාතික තව්හිද් ජමාත් සංවිධානය නමින් එවා ඇත. එහි සිංහල අර්ථය මෙසේය.

” චුණ්ඩක්කුලි විදුහල්පතිනිය,

මෙම දේශය අල්ලාහ්ගේ දේශයයි මෙහි ඉස්ලාම් ජනතාව පමණක්ම ජීවත්විය හැකියි. මෙය අපගේ පූජනීය භූමියයි ඔබලා වැනි කිතුනුවන් හෝ වෙනත් කිසිවෙකුත් ජීවත් විය නොහැක. එසේ ජීවත් වීමට ඉඩ නොදෙමි. බදාදා දින 2019-05-08 පාසලේ බෝම්බ තියනවා සියලුම කිතුනු සිසුන් මරා දමනවා.අල්ලාහ් සත්‍යයි. සියලුම පාසල්වල බෝම්බ තියන්න ජිහාත් සාමාජිකයින් එනවා ඉන්ෂා අල්ලාහ්. අපේ පවුල අල්ලාහ් ආරක්ෂා කරනවා.
(මුහම්මදු උමර් රියාස් (ප්‍රතිප්)

ජාතික තව්හිද් ජමාද් සංවිධානය – යාපනය දිස්ත්‍රික්කය.”

(කෙසේ වුවද මෙම ලිපියේ දෙමළ භාවිතය සාමාන්‍ය මුස්ලිම් අය දෙමළ භාවිත කරන ආකාරයට වඩා වෙනස් බවත් මුස්ලිම් අය ලිපියක් ඇතුළත් කරන ඇතැම් යෙදුම් මෙහි නොමැති බවත් ඇතැම් දෙමළ වචන වැරදි ලෙස යොදා ඇති බවත් මෙම ලිපිය පරික්ෂා කළ පාඨකයකු අප සමග ප්‍රකාශ කළේය. මෙම ලිපිය අනවශ්‍ය ගැටුමක් ඇති කිරීම සඳහා දෙමළ අයකු ලියුවේද නො එසේ නම් විමර්ශන නොමග යැවීම සඳහා එසේ කළේ ද යන්න විමසා බැලිය.)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස