ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයින් 25 දෙනෙකු මේ වන විට විදෙස්ගතව සිටින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
ඉන් 19 දෙනෙකු සඳහා ජාත්‍යන්තර රතු නිවේදන මේ වන විටත් නිකුත් කර ඇති බව ඔහු අනාවරණය කරයි.
පසුගිය මාස දෙකක කාලය තුළ අපරාධ කල්ලි සාමාජිකයින් සමග සබඳතා පැවැත්වූ බන්ධනාගාර නිළධාරින් 08 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.