මෙහෙයුම් කළාට රටේ අපරාධ අඩුවක් නෑ… මනුස්සයෙකුට පාරක බැහැලා යන්න බෑ…! – ජේ.සී. අලවතුවල…

April 27, 2024 at 3:07 pm | by emanisa.lk

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ආරක්ෂක අංශ වෙත වෙඩි තැබීමට බිය විය යුතු නැතැයි පවසා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ ජේ.සී. අලවතුවල පෙන්වා දෙන්නේ, ඒකාධිපති ස්වභාවය ජනතාවට පෙන්වීම සඳහා මෙවැනි කටයුතු සිදුකරන බවයි.

මාස ගණනාවක් තිස්සේ මෙහෙයුම් දියත් කරමින් අපරාධ අඩු කරන බව ප්‍රදර්ශනය කළ ද ජනතාවට පාරට බැස යා හැකි තත්ත්වයක් රටේ නැතැයි අලවතුවල සඳහන් කරයි.

රටේ පවතින නීතිය ක්‍රියාත්මක කළේ නම් අපරාධ අඩු කළ හැකි බවත් ඒ සඳහා හොඳ ම උදාහරණය සිංගප්පූරුව බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *