මුස්ලිම් මෘතදේහ අවුරුද්දක් තිස්සේ පිළිස්සීම දරාගන්න බෑ..! දැන් භූමදානයට ගෙන යද්දී මුස්ලිම් දේහවලට රිද්දන්න එපා…!

March 4, 2021 at 3:27 pm | by emanisa.lk

කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ වසරක් තිස්සේ ම ආදාහනය කිරීම දරා ගැනීමට නොහැකි තත්ත්වයක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකර් පවසයි.

ඉස්ලාම් ආගම අනුව එම ආගමිකයන්ගේ මෘතදේහය පැය විසි හතරක් තුළ භූමදානය කළ යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ සඳහා දේහය ගෙන යන විට දී පවා රිදවීමක් නොකර ගෙනයා යුතු බවත් තම ආගමික විශ්වාසය බවත් ඔහු සඳහන් කළේය.

මුස්ලිම් ජනතාවට වසරක් තිස්සේ කොතරම් අසහනයකින් සිටියේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

පකිස්ථාන අගමැතිවරයා මෙරටද පැමිණි පසුව එම මරණ භූමදානය කිරීමට අවසර ලබා දුන්නද ආණ්ඩුව නැවතත් විවිධ හේතුවන් පවසමින් එම තීන්දුව පසුපසට දමමින් සිටින බවට ද ඔහු චෝදනා කරයි.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *