මුස්ලිම් මරණ ආදාහනය කිරීමේ ආණ්ඩුවේ පහත් තීන්දුව තරයේ ප්‍රතික්ෂේප කරනවා! – සජිත්..

December 21, 2020 at 9:19 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වී මිය යන සියලු දෙනා ආදාහනය කිරීම නිසා ලංකාවේ මුස්ලිම් ජනතාව අන්ත අසරණභාවයට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහි දී ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ අනුව කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගය ලෙස තමන් තරයේ විශ්වාස කරන බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

සියලු දේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ අනුව කරන ආණ්ඩුව කොරෝනා මෘතදේහ භූමදානය ගැන අමුතු විශේෂඥ දැනුමක් ලබා ගෙන ඒවා භූමදානය අනිවාර්ය බව පවසන්නේ යැයි ද හෙතෙම පවසයි.

සමගි ජන බලවේගය ආණ්ඩුවේ පහත් තීන්දුව ප්‍රතික්ෂේප කරන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *