මුස්ලිම් අන්තවාදයට අපේ කිසිම සම්බන්ධයක් නෑ! බොරු චෝදනා කරන අයගෙන් පරිස්සම් වෙන්න! – උලමා සභාව

July 12, 2020 at 10:11 am | by emanisa.lk

මේ රටට එල්ල වූ පාස්කු ප්‍රහාරය ඇතුළු ඇතැම් කටයුතුවලට තමන් සම්බන්ධ බවට සිදුකරන ප්‍රචාරවල කිසිදු සත්‍යයතාවක් නොමැති බව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව පවසයි.

ඒ පිළිබඳ ඔවුන් නිකුත් කළ නිවේදනය මෙසේය.

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවට එරෙහිව කරන ලද ව්‍යාජ චෝදනා ප්‍රතික්ෂේප කිරීම!

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි (ACJU) ප්‍රතිරූපය අපකීර්තියට පත් කිරීම සඳහා සාවද්‍ය තොරතුරු ප්‍රචාරක ව්‍යාපාරයක් මේ වන විට සිදු වෙමින් පවතින බව වර්තමානයේ මාධ්‍යවල පළ වන වාර්තා අප සභාවේ අවධානයට ලක් වී තිබේ.

මෙමගින් පාස්කු ඉරිදා ප්‍රහාරය සහ තවත් කරුණු කිහිපයක් සමඟ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU) වැරදි ලෙස සම්බන්ධ කරමින් මහජනතාව නොමඟ යවන තොරතුරු හිතාමතාම පතුරුවා හරිමින් ඔවුන්ගේ හැඟීම් ඇවිස්සවීමේ කාර්යයක නිරත වෙමින් පවති.

එවැනි වගකීම් විරහිත හැසිරීම් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU) දැඩි ලෙස හෙළා දකින අතර වැරදි තොරතුරු පතුරුවා හැරීමේ වංක ක්‍රියාකාරකම්වල යෙදෙන මෙවැනි ව්‍යාපාර පිළිබඳව ප්‍රවේශම් වන ලෙස අප සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අෂ් ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස