මුලින් ම IMF ගියේ රනිල් නෙමෙයි බැසිල්…! රනිල්ට අත්පුඩි ගහන පොහොට්ටු මන්ත්‍රීලා ඒකවත් දන්නෑ..! – චරිත හේරත්..

March 25, 2023 at 4:12 pm | by emanisa.lk

රට මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හමුවේ මහ බැංකු ප්‍රධානීන් 2020 වසරේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බවට හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන් ම බැසිල් රාජපක්ෂ දැනුම්වත් කළ ද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ආචාර්ය චරිත හේරත් පවසයි.

2021 වසරේ එවක මහ බැංකු අධිපති ඩබ්.ඩී. ලක්ෂ්මන් මේ පිළිබඳ එවක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැනුම්වත් කළ ද IMF යාමට බැසිල් අකමැති වූ බවයි, ඔහු ප්‍රකාශ කළේ.

අවසානයේ IMF යාමට මූලික ලිපිය යොමු කළේ බැසිල් රාජපක්ෂ බවත් අද රනිල් වික්‍රමසිංහට IMF ණය ලැබුණා යැයි උදම් අනන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එය පවා නොදන්නා බවත් චරිත හේරත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *