ඉන්දියාව ශ්‍රී ලංකාවට ආධාර දීම නවතා දමයි..!

September 15, 2022 at 6:28 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට තව දුරටත් මූල්‍ය ආධාර ලබා දීමට අදහස් නොකරන බව ඉන්දියාව පවසයි.

මෙම වසරේදී මේ දක්වා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4කට ආසන්න මූල්‍යාධාර ලබා දී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති කරගත් මූලික ණය ගිවිසුමකින් පසු ශ්‍රී ලංකාවේ අර්බුදකාරී ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගෙන තිබේ.

මේ වන විට පසුගිය මැයි ජුලි පැවැති තත්ත්වයට සාපේක්ෂව රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති අතර ඉදිරි කටයුතු IMF ආයතනය සමග ක්‍රියාත්මක කළ යුතු බව ඉන්දියාවේ අදහස වී තිබේ.

මේ අතර ලංකාව තව දුරටත් ඉන්දියාවෙන් ඩොලර් බිලියනක මූල්‍ය හුවමාරු පහසුකමක් (Swap) සහ ඩොලර් මිලියන 500ක ඉන්ධන ණය පහසුකමක් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ද ඩොලර් මිලියන 500ක ඉන්ධන ණයක් ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *