මුලතිව් මහේස්ත්‍රාත් ඉල්ලා අස්වීම ගැන ජනපති අණින් විමර්ශන..!

September 30, 2023 at 9:07 am | by emanisa.lk

මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලේකම් සමන් ඒකනායකට උපදෙස් දී ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සිද්ධිය ගැන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සමඟ සාකච්ඡා කර ඇති අතර එහි දී හෙලි වී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා මරණ තර්ජන ගැන මීට පෙර කිසිදු පැමිණිල්ලක් සිදුකර නොමැති බවය.

මහේස්ත්‍රාත්වරයා ඉකුත් 24 දා විදේශගතව ඇත්තේ සැප්තැම්බර් 23 දා තම අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරමිනි.

නීතිපති සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා කර ඇති චෝදනාව ගැන ජනාධිපති ලේකම් නීතිපතිගෙන් කරුණු විමසා ඇති අතර එහි දී ඔහු දැනුම් දී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා වග උත්තරකරුවකු කරමින් අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවක් වෙනුවෙන් පෙනී සිටින ලෙස අධිකරණ සේවා කොමිසම හරහා කළ ඉල්ලීමක්ට අනුව සිය නිල මැදිරියේ දී ඔහු සමඟ සාකච්ඡා කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *