මුරුත්තෙට්ටුවේ හිමි රනිල් වජිර හමුවක්! පැය දෙකක් තිස්සේ රහස් කතා!

November 8, 2020 at 10:10 am | by emanisa.lk

නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ වජිර අබේවර්ධන අතර රහස් හමුවක් සිදුව ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

නාරාහේන්පිට අභයාරාමයේ දී පසුගිය බදාදා මෙම හමුව සිදුව තිබේ. මෙම සාකච්ඡා පැය 2ක පමණ කාලයක් පැවති බව ද වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ පෞද්ගලික කරුණ මෙන් ම දේශපාලන කරුණු රැසක් ද මුරුත්තෙට්ටුවේ හිමි සමඟ සාකච්ඡා කළ බව වාර්තා වුව ද වැඩි විස්තර හෙළි වී නොමැත.

මුරුත්තෙට්ටුවේ හිමි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ ද සමීපතමයෙකු ලෙස සැලකෙයි. රාජිත හොරෙකු නොව තමාගේ කල්‍යාණ මිතුරෙකු යැයි එහිමියන් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී සඳහන් කළේ ය.

රනිල් වික්‍රමසිංහ අභයාරාමයට පැමිණීමට දින කිහිපයකට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අභයාරාමයට පැමිණ මුරුත්තෙට්ටුවේ නාහිමියන් සමඟ සාකච්ඡා කළේ ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *