මුදල් ඇමැති රනිල් වැඩ අල්ලයි..! බැඳුම්කර වංචාවට පිටුපෑ නන්දලාල් ඉවතට…! යහපාලන කුමාරස්වාමී මහ බැංකු මුල් පුටුවට…!

May 26, 2022 at 9:13 am | by emanisa.lk

අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ විසින් බාරගෙන මේ වන විට දවස් 10ක් ඉක්ම ගොස් තිබුණ ද තවමත් ඔහු මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හමු වී සාකච්ජාවක් පවත්වා නොමැති බව නලින් බණ්ඩාර අනාවරණය කරයි.

සමගි ජන බලවේග මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, එදා මහබැංකු මංකොල්ලය සිදු වන විට ඊට එරෙහිව නන්දලාල් වීරසිංහ කටයුතු කිරීම ඊට හේතුව බවයි.

රනිල් වික්‍රමසිංහගේ පළමු බිල්ල බවට නන්දලාල් වීරසිංහ පත්විය හැකි බවට ද නලීන් බණ්ඩාර අනතුරු අඟවයි.

මෙ අතර රනිල් වික්‍රමසිංහ ඊයේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර මහ බැංකු අධිපති ධූරයෙන් නන්දලාල් වීරසිංහ ඉවත් කර හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමී පත් කිරීමට සූදානම් වන බවට ද රාවයක් පැතිර යයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *