මහ බැංකු අධිපතිගෙන් ඇමැති මනූෂට ඉලක්කයක්…! ඩොලර් මිලියන 500ක් රටට ගේන්න මනූෂ සූදානම්…!

May 22, 2022 at 6:51 pm | by emanisa.lk

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පැවත්වා තිබේ.

ඒ, විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය වැඩිකර ගැනීම සම්බන්ධයෙනි.

එහි දී මහ බැංකු අධිපතිවරයා අමාත්‍ය මනූෂ නානායක්කාරට ප්‍රකාශ කර ඇත්තේ මාස කිහිපයක් ඇතුළත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 500කින් ඉහළ නංවා දියහැකි නම් ඒ මුදල් ද යොදවා රටට අත්‍යාවශ්‍ය පෙට්‍රල්, ඩීසල් සහ ඖෂධ හිඟයකින් තොරව ලබාදීමට හැකිවනු ඇති බවයි.

ඒ අනුව මාස තුනක් ඇතුළත ප්‍රේෂණ ප්‍රමාණය එතරම් ඉහළ පරිමාණයකින් නැංවීමේ වගකීම කෙසේ හෝ ඉටුකිරීමට මනූෂ නානායක්කාර නොපැකිළෙමින් භාරගෙන ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *