මම තව දුරටත් මහ බැංකු අධිපති ධුරයේ සිටිනවා ..! – නන්දලාල් වීරසිංහ..

May 19, 2022 at 6:30 pm | by emanisa.lk

තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වන බව සඳහන් කළේ, අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් හෝ නොමැති පසුබිම දිගින් දිගටම පවතින්නේ නම් පමණක් බවත්, දැන් එම තත්ත්වය පහව ගොස් ඇති නිසා ධුරයෙන් ඉවත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

“මා එම අදහස පළකළ අවස්ථාවේ අගමැති කෙනෙක් හිටියේ නෑ. කැබිනට් එකක් තිබුණේ නෑ. ප්‍රචණ්ඩක්‍රියා සිදුවුණා. දේශපාලන සමාජ අර්බුදයක් තිබුණා. අද තත්ත්වය ඊට වඩා වෙනස්වී තිබෙනවා. අගමැති කෙනෙක් ඉන්නවා. පාර්ලිමේන්තුව ක්‍රියාත්මකයි. අමාත්‍යවරු පිරිසක් ඉන්නවා. මුදල් අමාත්‍යවරයෙකු පත්විය යුතුයි. නමුත් පසුගිය 09 වැනි සඳුදා තිබූ තත්ත්වයට වඩා අද හොඳ තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නෙ නෑ, මම එදා කිව්වා වගේ ඉවත් වෙන්න අවශ්‍යතාවක් තියෙනවා කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *