කාලය කන්න වෙලාවක් නෑ,..! IMF යන කණ්ඩායමට තීන්දු ගන්න බලය දෙමු…! – රනිල්….

April 10, 2022 at 8:00 am | by emanisa.lk

පාර්ලිමේන්තුවට සම්පූර්ණ මූල්‍ය බලය ඇති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හෙට (11) පවත්වන සාකච්ඡා සඳහා යන නියෝජිතයන් තිදෙනාට ඊට අවශ්‍ය බලය හා අනුමැතිය පාර්ලිමේන්තුව රැස්වී ලබාදිය යුතු බව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි.

හිටපු අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (08) පාර්ලිමේන්තුව අමතමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලට සහාය පිණිස ලබන 11 වැනිදා පාර්ලිමේන්තුව රැස්වී සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබාදෙමු යැයි ද හෙතෙම කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡා ඉතා ම වැදගත් බවද එම සාකච්ඡා ආරම්භ වූ පසුව රටට අවශ්‍ය අතිරේක ණය මුදලක් ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් ද ලබාගත හැකි නිසා ඒ සඳහා ද සූදානම් විය යුතු බව ද රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා මුදල් ඇමැති අලි සබ්‍රි, මහ බැංකු නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යංශයේ නව ලේකම් එස්.එස්. සිරිවර්ධන සහභාගී වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *