මීළඟ ඡන්දෙන් පොහොට්ටුවට විශිෂ්ට ජයක්…! – බැසිල්…

June 30, 2022 at 6:14 pm | by emanisa.lk

මීළඟ පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත හැකි බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත.

මේ දින වල සිදුකරන එම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරන අතර ඔහු මෙසේ සඳහන් කර තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් එම පක්ෂයේ සංවිධායකයන් පක්ෂ මූලස්ථානයට කැඳවා සංවිධාන කටයුතු කරමින් තිබේ.

මීළඟ පළාත් පාලන මැතිවරණය එළඹෙන පෙබරවාරි මාසයට කලින් පැවැත්විය යුතුව ඇති බවත් ඒ සඳහා සූදානමින් කටයුතු කරන ලෙසත් බැසිල් රාජපක්ෂ දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *