හෙට උදෑසන 6 දක්වා බලපාන පරිදි වහාම ඇඳිරි නීතිය පනවයි!

April 21, 2019 at 3:06 pm | by admin

රටේ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට මේ සඳහා නියෝග නිකුත් කර ඇත. රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ඇඳිරි නීතිය පැනවීමට සාකච්ඡා කරමින් සිටින බවය.

රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම පියවර ගන්නා බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *