මිල්කො හිටපු සභාපති ලසන්ත අලුත් පත්වීම ප්‍රතික්ෂේප කරයි..!

January 23, 2022 at 6:09 pm | by emanisa.lk

සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස පත්කළ ලසන්ත වික්‍රමසිංහ එම ධූරය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියකින් ඒ බව දැනුම්දී ඇති බව ද වැඩිදුරටත් වාර්තා විය. සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස ලසන්ත වික්‍රමසිංහ, ඉතුක් 21 වනදා පත්කර තිබුණි.

ඔහු මීට පෙර මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. එම කාලය තුළ මිල්කෝ ආයතනය ලාබ ලබන තත්ත්වයට පත්කිරීමට ඔහුට හැකි විය. කෙසේ වෙතත් මිල්කෝ ආයතනයේ සභාපති ධූරයේ කටයුතු කරමින් සිටිය දී ඔහු එම ධුරයෙන් ඉවත් කර ඇති බවට ඉකුත් 19 වනදා මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් ලසන්ත වික්‍රමසිංහ එදිනම ප්‍රකාශ කළේ, නව සභාපතිවරයෙකු පත්කර ඇතැයි තමන් ද දැනගත්තේ මාධ්‍ය හරහා බවය.

පාඩු ලබමින් පැවැති මිල්කො ආයතනය ලාභ ලබන තත්ත්වයට ගෙන ආ ලසන්ත වික්‍රමසිංහට මේ වන විටත් ජාතික ජාත්‍යන්තර ආයතන ගණනාවකින් විධායක ශ්‍රේණියේ තනතුරු භාර ගන්නා ලෙස ආරාධනා කළ ද ඔහු මෙතෙක් ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැත. මේ වන විට ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන කටයුතුවල නිරත වන ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස