අප්‍රේල් මස මුල සිට සියලු ම පළාත් වලට හිඟයකින් තොරව හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය කර බෙදා හැරීමට කටයුතු කරන බව මිල්කෝ සමාගම ප්‍රකාශ කරයි.
මේ වන විට වෙළඳපොලේ දැඩි කිරිපිටි හිඟයක් පවතින අතර, ඒ සඳහා පිලියමක් ලෙස යළි කිරිපිටි නිෂ්පාදනයට පියවර ගන්නා බව මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා සඳහන් කරයි.
පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසීය.
මෙයට අමතරව දියර කිරි නිශ්පාදනය වර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.