මියගිය මුස්ලිම් කතට කොරෝනා යැයි කීවැයි මරණ පරික්ෂකට මරණ තර්ජන!

December 16, 2020 at 8:13 am | by emanisa.lk

මග්ගොන ප්‍රදේශයේ මියගිය අසූ හැවිරිදි මුස්ලිම් කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව අන්තවාදී මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනකු මග්ගොන ප්‍රදේශය භාර හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් නෆීර් මොහොමඩ් නස්රිට මරණ තර්ජන එල්ල කර තිබේ.

පීසීආර් පරීක්ෂණයකින් තොරව මළ සිරුර නිදහස් නොකළ නිසා ඔහුට මෙම මරණ තර්ජන එල්ල වී ඇතැයි මරණ පරීක්ෂකවරයා පවසයි.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක එස්.ඒ. කුමසාරුගෙන් විමසූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඒ පිළිබඳ දැනුම්වත් කර ඇති බවය.

ඒ අනුව පොලිසිය මෙම සිදුවීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස