මිනුවන්ගොඩ ප්රදේශයේ ඇති වූ ජාතිවාදී කෝලාහලවලට මධුමාධව අරවින්ද ඇතුළු තවත් සැකකරුවන් 15 දෙනෙකු සම්බන්ධ බව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ දත්ත අනුව තහවුරු වූ බව මිනුවන්ගොඩ පොලිසිය මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
මේ අනුව මධුමාධවගේ හිතවතෙකුට අයත් මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වුවද මෙම සැකකරුවන් ප්රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.