මිනීමරු ජවිපෙට ඡන්ද කරන්න පුළුවන් නම් අපට බැරි ඇයි…?

February 6, 2023 at 4:57 pm | by emanisa.lk

මිනිසුන් ඝාතනය කර රාජ්‍ය දේපළ විනාශ කළ ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණයට ඉදිරිපත් විය හැකි නම් අවිහිංසාවාදී දේශපාලන පක්ෂයක් වන තම පක්ෂයට මැතිවරණයට ඉදිරිපත්වීමට සිය දහස් ගුණයක අයිතියක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ජාතික ජනබලවේගය සුපිරිසිදු පක්ෂයක් යැයි ඇතැමුන් විශ්වාස කළත් එය සත්‍ය නොවන බව කී ඇමතිවරයා පසුගිය මැයි 9 වැනිදා සිද්ධියට ඇතැම් තැන්වල නායකත්වය දුන්නේ ජවිපෙට සම්බන්ධ අය බව කීය.

කුරුණෑගල හා පුත්තලම් දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා මෙවර පොහොට්ටුවෙන් ඉදිරිපත් වන සියලුම අපේක්ෂයන් ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණි.

“මෙතනට ආවට පස්සේ හැමෝම ඇහුවේ ඇමතිතුමා මැතිවරණය තියනවද නැද්ද කියලා. ඒකට මටවත් මහලේකම්තුමාටවත් උත්තරයක් දෙන්න බැහැ. හේතුව අධිකරණයට ගිහින් තියෙන්නේ. 9 වෙනිදා 10 වෙනිදා වන විට අධිකරණය ලබා දෙන තීන්දුව මත තමයි මැතිවරණය පැවැත්වෙනවාද නැද්ද කියලා තීන්දු වෙන්නේ.”

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ කුරුණෑගල හා හලාවත ප්‍රදේශවල පැවැති පළාත් පාලන අපේක්ෂක හමුවලට සහභාගී වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *