ඡන්දයක් නැත්නම් ආණ්ඩුව බලහත්කාරයෙන් එළවිය යුතුයි..! – ලාල් කාන්ත…

October 5, 2022 at 2:08 pm | by emanisa.lk

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ආණ්ඩු බලය අත්හැර නොයන්නේ මහබැංකු වංචාවට මෙන්ම තාජුඩීන් හා ලසන්ත වික්‍රමතුංග ඝාතනයන්ට බියෙන් බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

“මේ රටේ මේ මොහොතේ තියෙන ප්‍රශ්න විසදන්න ඕනේ නම් මුලින්ම කරන්න ඕනේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම. ඒ සමඟම සමාජ ස්ථාවරත්වයක් ඇති කරන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි මැතිවරණයක් අවශ්‍ය වෙන්නේ.

මේ පාලකයන්ට ඒ පිළිබඳව උනන්දුවක් තියෙනවානම් හෙට උනත් පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයකට යන්න පුළුවන්. හැබැයි මේ අය එක කරන්නේ නැහැ.

හැබැයි රනිල්ගෙයි රාජපක්ෂගෙයි අපරාධවලට අභියෝගයක් නොවන කණ්ඩායමක් හෙට උනත් බලයට එනවනම් මේ අය තමයි ටොප් කියලා මේ තියෙන මාධ්‍ය පාවිච්චි කරලා ඒ අයව බලයට ගේනවා.

රටේ ජනතාව කියනවා මේ රටේ පාලකයෝ හොරු ඒ නිසා ඉක්මනට මැතිවරණයකට යන්න ඕනේ කියලා. දැන් ඉතින් පාලකයෝ රටේ ජනතාවට ඒ අවස්ථාව දිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. ඒවා ව්‍යවස්ථාවට දාලා තියෙන්නේ නිකන් නෙමෙයි.

මේ වගේ අවුල් හදාගත්ත පාලකයෝ ඉන්න සමයක, ප්‍රශ්න ඉස්සරහ පාලකයෝ නිරුත්තර වෙලා ඉන්න වෙලාවක පාලකයෝ ගැන ජනතාවට තීරණයක් ගන්න. හැබැයි අපේ රටේ පාලකයෝ රටට හතේ හත වැදිලා තිබුණත් බලය දාලා යන්න කැමති නැහැ.

වංචාවෙන්, දූෂණයෙන්, භීෂණයෙන්, ඝාතනයෙන් බලය අල්ලාගෙන ඉන්න පාලකයෝ ඒ බලය දාලා යන්නේ නැහැ. තමන්ගේ කැමැත්තෙන් බලය දාලා යන්නේ නැහැ. ඒ අයව බලෙන් යවන්න ඕනේ”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *