මැති ඇමැතිලා පවුල් පිටින් කොවිඩ් එන්නත ගහගෙන….! සජබ….

February 18, 2021 at 8:11 am | by emanisa.lk

මෙරටට ආනයනය කර ඇති කොවිඩ් එන්නත් කැබිනට් ඇමැතිවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද ​හොර රහසේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී​ හේෂා විතානගේ චෝදනා කරයි.

ඊ​යේ (17) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මෙම චෝදනාව එල්ල කළේය.

“පෙරේදා (16) තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ එන්නත ලබාදෙන්න කියලා නිල වශයෙන් කිව්වේ. මේ එන්නත ලබාගන්න ආපු අයගේ නම් ජනමාධ්‍ය පෙන්නුවා.

නමුත් කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් උදය ගම්මන්පිල මහත්තයාගෙන් අහනවා ‘ඔබතුමාත් මේක ලබාගත්තද?’ කියලා. එතුමා කියනවා ‘ඔව්’ මම ලබාගත්තා කියලා. හැබැයි මාධ්‍ය මගින් කියපු ලැයිස්තුවේ එතුමාගේ නම තිබුණේ නැහැ.

ඒ නිසා අපි අනුමාන කරනවා මේ වෙනකොට කැබිනට් ඇමැතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල බිරින්දෑවරුන්ට සහ ළමයින් ​හොර රහසේ මේක ලබාගෙන තියෙනවා කියලා. මාධ්‍යට හෙළිකරන ලැයිස්තුවේ මේ කට්ටියගේ නම් නැහැ. මේක සදාචාරාත්මකද?

ඒ නිසා ප්‍රභූවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හොර රහසේ එන්නත ලබාදීමේ ක්‍රියාවලියෙන් ආණ්ඩුව ඉවත්විය යුතුමයි.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *