1958න් පසු රටේ යහපත් ආර්ථිකයක් තිබුණේ යහපාලන කාලේ විතරයි…! – එරාන්…

February 12, 2021 at 8:17 am | by emanisa.lk

රජය ඉවක් බවක් නොමැතිව මුදල් අච්චු ගැසීම නිසා බඩු මිල ඉහළ යන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි.

ඊයේ (11) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.

“ආනයනය හා අපනයන රෙගුලාසි ගැන අද කතා කරනවා. නියම විසඳුම් තිබෙද්දි වෙන විසඳුම් දෙනවා. ඒ කියන්නේ නරකම විසඳුමක් ලැබෙන්නේ. මෙමගින් රට ආපස්සට යෑමක් වෙන්නේ.

පළාත් ක‍්‍රමය ඇති වුණා. කන්න නැහැ. මහා දුකක් එදා 1977 තිබුණේ. රෙදි භූමිතෙල් ගඳයි. රැකියා හිඟ වී තරුණ කැරැල්ලක් ඇති වුණා. අද ටි‍්‍රලියන 15 ක් ණය වෙලා. වැඩි ම ණය තිබෙන රටවල් දෙක අතර අපි ඉන්නවා. ජාත්‍යන්තර ණය වර්ගීකරණයේ අපි පතුලටම වැටිලා.

අයවැය පරතරය 11 ඉක්මවලා රාජ්‍ය ආදායම අඩු වෙලා. 1958 න් පස්සේ ප‍්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබුණේ යහපාලන ආණ්ඩු සමයෙයි. අද ආර්ථිකය බිඳ වැටිලා විදේශ විනිමය අඩු වෙලා.

මොනවා ද මේ ආණ්ඩුව කරන්නේ. ඉවක් බවක් නැතිව සල්ලි අච්චු ගහනවා. මේ නිසා බඩු මිල ඉහළ යනවා. ආණ්ඩුව කෘත්‍රිම ලෙස පොලී අනුපාතය පාලනය කරන්න යනවා. එන්නත දෙන්නවත් මුදල් හොයා ගන්න බැහැ.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *