මැති ඇමැතිලාටත් හොඳට ම අමාරුයි… වාහන විකුණා බසයට දුම්රියට නගී..!

April 28, 2024 at 5:29 pm | by emanisa.lk

ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන විකුණා දමා ඉතා අඩු මිල කුඩා වාහනවලට යොමුවී සිටින බව වාර්තා වෙයි.

අධික ඉන්ධන මිල, සේවා ගාස්තු සහ නඩත්තු වියදම් හේතුවෙන් ඔවුන් මෙසේ කටයුතු කර ඇති බව දැන ගන්නට ඇත. එසේම අධික ඉන්ධන වියදම් හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම මෙන්ම විවිධ උත්සව සඳහා සහභාගිවීම ද සීමා කර ඇතැයි මන්ත්‍රීවරු කීපදෙනෙක් අප සමග පැවසූහ.

එසේම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු බස් රථ දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමට පෙළඹී සිටින බව ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *