මැතිවරණ නීති නොතකා ඇමති නලින් සජිත්ගේ පත්‍රිකා බෙදයි! පත්‍රිකා තොගයක් සමග පාසල් මුරකරු අල්ලයි!

November 14, 2019 at 9:39 pm | by emanisa.lk

දුම්මලසූරිය වීරකුටියාන ප්‍රදේශයේ එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ පත්‍රිකා තොගයක් ගෙන් ගෙට යමින් බෙදමින් සිටි අයකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී තිබේ.

සජිත් ප්‍රේමදාස වෙනුවෙන් බෙදාහැරි මෙම පත්‍රිකාවල ඇමති දයා ගමගේ අත්සන යොදා තිබූ අතර නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාරගේ ලියුම් කවරවල ඒවා බහා තිබිණි.

අත්පත්‍රිකා 150ක් සහ ලියුම් කවර 30ක් ද ඒවා බෙදා හරිමින් සිටි යතුරු පැදිය ද පොලිස් අත්අඩංගුවට පත්විය. අදාළ සැකකරු 27 හැවිරිදි පාසල් මුරකරුවකු බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස