මැතිවරණයට රට කැත කරන පෝස්ටර් සපුරා තහනම්!

June 14, 2020 at 8:22 am | by emanisa.lk

මෙවර මැතිවරණයේදී අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන පෝස්ටර් භාවිතය සපුරා තහනම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ කෝවිඩ්-19 වසංගතයත් සමඟ මැතිවරණය පැවැත්වීමේදී නීතිය අකුරට ක්‍රියාත්මක කරන අතර එය කඩකරන පුද්ගලයන් හට නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදෙන බවයි.

ජනහමු පැවැත්වීම සහ ප්‍රසිද්ධ ස්ථානවල රැස්වීම් පැවැත්වීමේදී වැඩිපුර ජනතාව එක්රැස් කර නොගන්නා ලෙසත් ගෙයින් ගෙට යාමේදී මැතිවරණ කොමිෂන් සභාව සහ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස