මැටි නිර්මාණකරුවන්ට තවත් මැටි ප්‍රශ්නයක් නෙමෙයි! අවශ්‍ය තරම් මැටි ප්‍රවාහනට බලපත්!

October 24, 2020 at 12:27 pm | by emanisa.lk

මැටි කර්මාන්තකරුවන් සහ ශිල්පීන් උවමනා මැටි ප්‍රවාහනය සඳහා උවමනා බලපත් ලබා දීමට භූ විද්‍යා සහ පතල් කාර්යාංශය කටයුතු කර තිබේ.

වසර ගණනාවක් තිස්සේ එම කර්මාන්තකරුවන් මුහුණ පෑ මූලික ගැටළුවක් වන්නේ සිය කර්මාන්තය සඳහා උවමනා මැටි ලබා ගැනීම ය.

ඇමති ප්‍රසන්න රණවීර විසින් කරන ලද ඉල්ලීමක් අනුව මැටි කර්මාන්තකරුවන්ට උවමනා ප්‍රධාන අමුද්‍රව්‍ය වන මැටි ලබා ගැනීම පිණිස කර්මාන්තකරුවන්ට බලපත් ලබා දීමට තීන්දු කර තිබේ.

ඒ අනුව මැටි කර්මාන්තකරුවෙකුට මසකට මැටි ටොන් 03ක් ප්‍රවාහනය සඳහා බලපත් හිමි වෙයි. ඊට වඩා උවමනා නම් ඒ සඳහා ද විධිවිධාන සලසා තිබේ.

තමන් බොහෝ කාලයක පටන් මුහුණ පෑ ගැටළුවකට විසඳුම් ලැබීම පිළිබඳ මැටි කර්මාන්තකරුවන් බෙහෙවින් සතුටට පත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *