මැකො චාල්ස් ආණ්ඩුව හංග ගෙන ඉන්නවා..! – මුජිබර්…

January 29, 2023 at 5:59 pm | by emanisa.lk

මැතිවරණය කල් දැමීමේ යාන්ත්‍රණය බවට ජනාධිපති මාධ්‍ය අංශය පත්ව ඇති බවට සමගි ජනබලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක මුජුබර් රහුමාන් චෝදනා කරයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී. එස්. එම්. චාල්ස් ජනාධිපති මාධ්‍ය අංශය මගින් සඟවා ගෙන සිටිනවා දැයි සැකයක් පවතින බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය ත්‍රස්ත කල්ලියක් මෙන් කටයුතු කරන බවත් එම අංශයේ පිරිස් රටේ දේශපාලනය හසුරවන තැනට පත්ව ඇති බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මුජිුබර් රහුමාන් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *