එක දිග ට මහ වැසි වැටුණත් කොළඹ ගංවතුර තත්ත්වයක් ඇති නොවූයේ යහපාලන ආණ්ඩුව කාලයේ විද්‍යාත්මකව ප්‍රශ්නය හඳුනාගෙන ඒ වෙනුවෙන් විසඳුම් ලබා දුන් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සමුළුව අමතමින් කොළඹ දී (ජුනි 1) හෙතෙම මේ ප්‍රකාශ කළේය.
ගංවතුර ප්‍රශ්නයට හේතු වූ ස්ථාන 15ක් හඳුනාගෙන ඉන් 6 පොළකට විසඳුම් ලබාදුන් බවත් එක දිගට වැසි ඇදහැලුණත් එම ප්‍රදේශවලට ගංවතුර හානි නොවූ බවත් ඔහු සඳහන් කළේය.
මේ නිසා පසුගිය වසර 5ක් තිස්සේ කොළඹට වරින් වර මහ වැසි වැටුණ නමුත් කොළොන්නාව, කඩුවෙල, උතුරු කොළඹ නාගලංවීදිය, මල්වාන, කැලණිය යන ප්‍රදේශවලට ගංවතුර ඇති නොවූ බව පාඨලි චම්පක පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ පසුගිය ආණ්ඩුවේ ෆවුසි ඇමැතිවරයා උතුරු කොළඹ උමං පද්ධතිය යළි ඇති කළ බවත් එසේ සිදුකළේ ඕලන්ද පාලනයට පසු මෙරට පළමු වරට බවත් හෙතෙම කීවේ ය.