මාස හයට ප්‍රියමාලිගේ ගිණුමට රු. ලක්ෂ තිස්දාහක්..! කළු සල්ලි පොම්ප කළ දේශපාලකයෝ සැඟවෙති…!

October 20, 2022 at 9:58 am | by emanisa.lk

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිළිණී ප්‍රියමාලි නමැත්තියට මෙරට දේශපාලනඥයන් පිරිසක් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇති බවත්, ඔවුන් කිසිවකු හෝ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිරකරණය හමුවේ අනාවරණය කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා ඉදිරියේ ඊයේ (19) කරුණු වාර්තා කරමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.

තම දෙපාර්තමේන්තුව භාරයේ ඇති සැකකාරියගේ ජංගම දුරකතනය පිළිබඳ සිදුකළ විමර්ශනවලට අදාළව මෙම කරුණු අනාවරණය කරගෙන ඇති අතර, එහි ඇතුළත් හඬ පට, කෙටි පණිවිඩ, ඊමේල් සහ වට්ස්අැප් පණිවිඩ රාශියකින් මේ බව හෙළි වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාළ දේශපාලනඥයන් සැකකාරියට මුදල් ලබා දී නැවත ඒවා ඉල්ලීමේ දී ඈ ඔවුන් අපහසුතාවට පත්වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරමින්, මුදල් දීම මග හරිමින් සිටින බවට එම හඬපටවලින් සහ කෙටි පණිවිඩ මගින් තහවුරු වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මේ වසරේ, ජනවාරි මස සිට ජුනි මස දක්වා වූ මාස හයක කාලයක දී සැකකාරියගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 300ක මුදලක් තැන්පත් වී ඇති බවත්, මේ වන විට එම ගිණුමේ කිසිදු මුදලක් ඉතිරිව නොමැති බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ මුදල් ලැබුණේ කෙසේද? ඒවාට සිදුවූයේ කුමක්ද? එම මුදල් කළු මුදල් ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය. සැකකාරිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාළව සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *