ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ගේ වැටුප් එංගලන්තයේ වැටුප් හා සංසන්දනය කිරීම තේරුමක් නොමැති ක්‍රියාවක් බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
එංගලන්තයේ ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයකු මසකට පැය 140ක් ඉගැන්විය යුතු නමුත් ශ්‍රී ලංකාවේ ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයකු ඉගැන්විය යුතු වන්නේ මසකට පැය 20ක් පමණක් බවයි, ඔහු සඳහන් කළේ.
මෙරට පාසල් ගුරුවරුන් රුපියල් තිස් දහසක් –හතළිස් දහසක් වැනි වැටුපක් ගනිද්දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට ඉහළට වැටුප් ගන්නා බව පැවසූ ඇමැතිවරයා ජ්‍යේෂ්ඨ මහාචාර්යවරුන් රුපියල් ලක්ෂ හතරක් – පහක් වැනි වැටුපක් ගන්නා බවත් ප්‍රකාශ කළේය.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.