මාලිමා ආණ්ඩුව ප්‍රයිවට් කැම්පස් වහන්නේ නෑ…! මගේ දුව වැඩ කරන්නෙත් එයින් එකක…! – ලාල් කාන්ත…

February 11, 2024 at 3:27 pm | by emanisa.lk

පෞද්ගලික විශ්වවිද්‍යාලයක උගත් සිය දියණිය මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගැන්වීම් කටයුතුවල නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණේ විධායක බල මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කිසිවෙකුට ආර්ථික තත්ත්වය නිසා අධ්‍යාපන කටයුතු කළ නොහැකි නම් ඊට රජය මැදිහත් විය යුතු වුවත් ආර්ථික තත්ත්වය බාධාවක් නොවන්නේ නම් මැදිහත් විය යුතු නැති බවයි.

එහි දී රජය මැදිහත් විය යුත්තේ අධ්‍යාපනයේ ප්‍රමිතිය මැන බැලීමට පමණක් බවයි, ලාල් කාන්ත ප්‍රකාශ කළේ. සිය ආණ්ඩුවක් යටතේ ‘අරක වහයි, මේක වහයි’ කියා සමහරු කීව ද ඒ කිසිවක් සිදු නොවන අතර තම වගකීම අධ්‍යාපනය ලබාගත නොහැකි පිරිස පිළිබඳ සොයා බැලීම බව ද අවධාරණය කරයි.

යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *