උසස් පෙළ සමතුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාල වරම්…! උපාධියක් සඳහා රජයෙන් සහන ණයක්…!

July 4, 2023 at 8:41 am | by emanisa.lk

රජයේ අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිය හැදෑරීම සඳහා පොලී රහිත ණය ලබා ගැනීමට උසස් පෙළ හැදෑරූ සිසුන්ට අද (04) සිට අයදුම්පත් යොමුකළ හැකිය.

මෙවර ඒ සඳහා ඉල්ලුම්පත් යොමුකළ හැක්කේ 2019, 2020 සහ 2021 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ටය.

www.studentloans.mohe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අගෝස්තු 07 වන දින දක්වා අයදුම්පත් යොමුකළ හැකිය.

උසස් පෙළ විභාගය එකවර විෂයන් තුනකින් සමත්ව තිබීම, සාමාන්‍ය දැනුම ප්‍රශ්න පත්‍රය සඳහා අවම ලකුණු 30ක් ලබා ගැනීම සහ උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසී විෂයට සාමාර්ථයක් ලබා තිබීම ඒ සඳහා අවම සුදුසුකම් බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

සිසුන් 5,000ක් සඳහා ණය මුදල් ලබාදීමට නියමිත අතර ගෙවීම සඳහා වසර 07ක හෝ 08ක කාලයක් ලබාදීමට නියමිතය. උපරිම ලක්ෂ 08ක මුදලක් ණය වශයෙන් ලබාගත හැකි අතර ඒ සඳහා වන පොලිය රජය මඟින් දැරීමට තීරණය කර තිබේ.

මෙම ණය යෝජනා ක්‍රමය යටතෙත් රජය අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් වසර 03 හෝ වසර 04 උපාධි පාඨමාලා හැදැරිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *