අන්තරේ පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධය පුස්සක්…! – පෞද්ගලික විශ්වවිද්‍යාල ශිෂ්‍ය එකතුමුතුව…

August 10, 2023 at 7:53 pm | by emanisa.lk

රාජ්‍ය විශ්වවිද්‍යාල අවස්ථා හිමි නොවන උසස් පෙළ සමතුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාල හෝ විදෙස් විශ්වවිද්‍යාල හැර විකල්පයක් නොමැති බව පෞද්ගලික විශ්වවිද්‍යාල ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු කළිඳු දේශාන් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සියලු උසස් පෙළ සමතුන්ට විශ්වවිද්‍යාල අවස්ථා හිමි වන්නේ නම් පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍ය නොමැති බවය.

එහෙත් එවැනි සේයාවකුදු නොමැති පසුබිමක රටේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගෙන යන විරෝධය සාධාරණ නොවන බවයි, කළිඳු දේශාන් සඳහන් කළේ.

රජයේ විශ්වවිද්‍යාලවල මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාලවල ද ඉගෙන ගන්නේ එකට පාසල් ගිය එකට දහම් පාසල් ගිය එකම ගම් පළාත්වල එකම ආර්ථික මට්ටමක දරුවන් බවත් පෞද්ගලික විශ්වවිද්‍යාල ධනවතුන්ගේ දරුවන් සඳහාය යන ප්‍රකාශය පිළිගත නොහැකි බවත් හෙතෙම අවධාරණය කළේ අද(10) පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *