මාලිමාවේ දර ළිපේ ප්‍රතිපත්තිය ඉතාම නවීනයි..! දැන් දියුණු ශිෂ්ටාචාරේ ම යන්නේ දර ළිපට…! – ආචාර්ය සිතිමිණි රත්නමලල..

March 9, 2024 at 12:47 pm | by emanisa.lk

දර ළිප් භාවිතය සෞඛ්‍යයට හානිකරය යන්න පැරණි මතයක් මිස දියුණු තාක්ෂණික ලෝකය පිළිගත් මතයක් නොවන බව ජාතික ජන බලවේගයේ ආචාර්ය සිතුමිණි රත්නමලල පවසයි.

ෆේස්බුක් සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ලෝකය ම දර ළිප් ප්‍රවර්ධනය කරන බවයි.

“තමුන් දැකල නැති පළියට ලෝකෙ දේවල් නෑ කියල හිතන්නෙ මුග්ධයෝ. ලෝකේ දර ලිප් ප්‍රවර්ධනය කරනවා දැන් වැඩිපුර ආහාර සැකසීමට වගේම සීත කාලයට උණුසුම සඳහාත්.

ලංකාව වගේ රටක බලශක්‍ති අර්බුදයට හොඳ විසඳුමක් දේශීය වශයෙන් දර පිණිස භාවිත කළ හැකි කෙටි කාලීන ශාඛ වගාව සහ තාක්ෂණිකව වඩා දියුණුකළ දර ලිප් හඳුන්වාදීම.

දර සෞඛ්‍යයට සහ පරිසරයට හානිකරයි කියන එක අතීතයට අයිති කතාවක්. ශිෂ්ටාචාර තාක්ෂණය එක්ක දියුණු වෙනවා. කරුණාකරල අලුත් වෙන්න.”

සිය ආණ්ඩුවක් යටතේ ආහාර පිසීම සඳහා විදුලි උඳුන් භාවිතය අධෛර්යමත් කර දර ළිප් ප්‍රවර්ධනය කරන බවට ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වීම දැඩි ලෙස විවේචනයට ලක්වීමට ප්‍රතිචාරයක් ලෙස මෙම සටහන තබා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *