මේ සැරේ මගේ ඡන්දෙත් මාලිමාවට…! – තිස්ස කුට්ටිආරච්චි…

February 23, 2023 at 8:12 am | by emanisa.lk

හොරු අල්ලා ඔවුන්ගේ ධනය රාජසන්තක කර රට දියුණු කරන බවට සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක පදනම් විරහිත අශිෂ්ට වෛරී දේශපාලනයක නිරත වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි චෝදනා කරයි.

කිසියම් දේශපාලකයෙකු හොරකම් කළ ධනය කිසියම් රටක සඟවා ඇත්නම් ඒවා නම්ගම් සහ සියලු සාක්ෂි සහිතව හෙළිදරව් කරන්නේ නම් ඊට වඩා ශිෂ්ට සම්පන්න බවයි, ඔහු පෙන්වා දුන්නේ.

තරුණ පරපුරට ඉටු කළ නොහැකි බොරු බලාපොරොත්තු දී කිසිවෙකු බලයට පත්වන්නට සූදානම් වන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ අවු. 02ක් බලයේ සිටිය ද ඔහුට අවුරුද්දක් හෝ බලයේ සිටීමට නොහැකි වනු ඇතැයි තිස්ස කුට්ටිආරච්චි සඳහන් කළේය.

තමන්ට පොහොට්ටුවේ එල්ලී සිටීමට උවමනා නැති බවත් නිවැරදි ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්නේ නම් තමන්ගේ ඡන්දය ද මාලිමාවට හෝ ටෙලිෆෝනයට හෝ ලබා දෙන බවත් ඔහු අවධාරණය කළේය.

ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *