විකිණීම වෙනුවට විදෙස් ආයෝජන කැඳවීම මාලිමා ප්‍රතිපත්තියයි..! – නලින්ද ජයතිස්ස….

February 28, 2024 at 5:04 pm | by emanisa.lk

ටෙලිකොම්, වෝටර්ස් එජ්, ලංකා හොස්පිට්ල් ඇතුළු රාජ්‍ය ආයතන විකුණා දමන බව ආණ්ඩුව පවසන්නේ යැයි ජාතික ජන බලවේගයේ විධායක කමිටු සභික නලින්ද ජයතිස්ස පවසයි.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය විකිණීම වෙනුවට ආයෝජන කැඳවා ගැනීම බවයි, ඔහු සඳහන් කළේ.

රටට උවමනා රන් බිජුලන කිකිළිය මරා ගෙන කා එදාවේල සරි කරගන්නා ආණ්ඩුවක් නොව රටට ඩොලර් ගලා එන ආර්ථික වැඩපිළිවෙළක් සහිත ආණ්ඩුවක් බව නලින් ද ජයතිස්ස වැඩි දුරටත් කීය.

අද (28) එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *