මාලිමාවෙන් ඡන්දේ ඉල්ලන්නේ බැංකු හොරු අවයව හොරු ස්ත්‍රී දූෂකයෝ…! – මහින්දානන්ද…

February 17, 2023 at 6:51 pm | by emanisa.lk

හොරුන්ට දූෂිතයින්ට ඡන්දය දෙන්න එපා යැයි පවසන අනුර දිසානායක නායකත්වය දරන ජාතික ජන බලවේගය නියෝජනය කරන්නේ ද හොරු සහ දූෂිතයින් බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

පසුගියදා ගම්පොළ බැංකුවක ATM යන්ත්‍රය පැහැර ගෙන ලක්ෂ 75ක් කොල්ලකෑවේ පුත්තලම දිස්ත්‍රික්කයේ මාලිමාවේ හොඳම ආධාරකරුවන් තිදෙනා බවයි, මහින්දානන්ද සඳහන් කළේ.

පසුගිය මැයි 09 වෙනිදා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රීගේ නිවසට ගිනි තබා ඔහුගේ නිල පිස්තෝලය පැහැර ගෙන ඇත්තේ ද මෙම පිරිස බව හෙතෙම අනාවරණය කළේය.

ගඟ ඉහළ කෝරළේ මාළිමා අපේක්ෂක වසන්ත කුමාර ජයසිංහ ලක්ෂ දෙකහමාරක් හොරකම් කොට මාස දෙකහාමාරක් සිරගතව ඇතැයි ද මහින්දානන්ද චෝදනා කරයි. නාවලපිටිය නගරයේ අනවසරයෙන් කඩයක් සදා නඩු වැටුණු අයකු පස්භාගෙන් ද මාලිමාවෙන් ඡන්දය ඉල්ලන බවයි, ඔහු සඳහන් කළේ.

අම්බලන්ගොඩ මාලිමා අපේක්ෂකයෙක් ළමුන් පිටරට යවා අවයව විකුණා පොලිසිය පන්නමින් ඇතැයි ද තවත් අයකු බාර් ලැයින් ඉල්ලා සුරාබදු කොමසාරිස්ට ලියුම් යවා ඇතැයි ද තවත් අයකු මන්දමානසික දැරියක් දූෂණය කොට ඇතැයි ද මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරයි.

එවැනි බැංකු කොල්ලකරුවන්, හොරු, ස්ත්‍රී දූෂකයින් පිරිවරා ගෙන සිටින අනුර දිසානායක පවසන්නේ එම කල්ලියට ඡන්දය ලබා දෙන ලෙස දැයි ඔහු ප්‍රශ්න කරයි. මෙවර මාලිමාවෙන් ඡන්දය ඉල්ලන බහුතරය පසුගිය සමයේ ගෙවල් ගිනි තැබූ මත්ද්‍රව්‍ය චෝදනා සහිත පිරිසක් බවත් එම සියලු දෙනා පිළිබඳ නුදුරේ දීම හෙළි කරන බවත් හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *