අනුර ජනාධිපති කරන්න ජනතාව තීන්දු කරලා ඉවරයි…! – හඳුන්නෙත්ති…

September 8, 2022 at 4:52 pm | by emanisa.lk

මේ රටේ ප්‍රශ්න විසඳීමට නම් අනුර කුමාර දිසානායක ජනාධිපති කළ යුතු බව මේ රටේ ජනතාව සිතන බව සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, චන්ද්‍රිකා රනිල් මහින්ද යුගය අවසන් බවයි.

මේ රට ගොඩනැඟීමේ වගකීම තරුණ පරපුර භාරගත යුතු බවත් ඒ සඳහා නායකත්වය ලබා දීමට තමන් සූදානම් බවත් හඳුන්නෙත්ති සඳහන් කරයි.

මේ රටේ හොරකම අවසන් කර හොරුන්ට දඬුවම් කළ හැක්කේ තම ආණ්ඩුවක් යටතේ බව ජනතාව දන්නා බවයි, හෙතෙම ප්‍රකාශ කළේ.

එය රනිල්ලා රාජපපක්ෂලා ද දන්නා බවත් තම පක්ෂය බලයට පත් වුවහොත් නැවත බලය ලබා ගත නොහැකි නිසා ඔවුන් එකතු වී තමන්ට බලයට පැමිණීමට ඉඩ නොදෙන්නේ යැයි ද සුනිල් හඳුන්නෙත්ති චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *