ලංකාවට ඩොලර් එව්ව ම මහින්ද තිරුපති යනවා..! නාමල් ඩුබායි මාලේ ගිහින් ජෝගී නටනවා..! – අනුර…..

June 15, 2022 at 12:36 pm | by emanisa.lk

මාසිකව රටට මිලියන 600ක් පමණ ලැබුණු විදේශ ප්‍රේෂණ මේ වන විට මිලියන 200 දක්වා පහත වැටී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

විදෙස්ගත ජනතාව පවසන්නේ හොරු සිටින තුරු ඩොලර් නොඑවන බව යැයි ද එය සාධාරණ යැයි ජවිපෙ නායකයා ප්‍රකාශ කරයි.

එම ජනතාව නැවත රටට ඩොලර් එවන්නේ සෑම ඩොලරයක් සඳහා ම වග කියන පාලනයක් බිහි වූ පසු යැයි ද ඔහු පෙන්වා දෙයි.

ඔවුන් රටට ඩොලර් එවූ විට මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයක් අරන් තිරුපති යන බවටත් නාමල් ඩුබායි රටට ගොස් ගුවන් යානාවලින් පනිමින් පැරෂුට් ක්‍රීඩා කරන බවටත් මාලදිවයිනට ගොස් ජල ක්‍රීඩා කරන බවටත් අනුර දිසානායක චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *