මාධ්‍ය වාර්තා බොරු.. කිරිපිටි මිල අඩු කරන්නේ නෑ….!

April 25, 2024 at 12:24 pm | by emanisa.lk

ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර පවසයි.

ඔහු සඳහන් කළේ, කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිල මට්ටමෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.

කෙසේ වෙතත් නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කරන ආයතනයක් විසින් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි යළිත් කිරිපිටි මිල අඩු කරන බවට ඊයේ (24) ප්‍රකාශයක් සිදුකරනු ලැබීය.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක ආනයනික කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 250-350ත් අතර මිලකින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100-140ත් අතර මිලකින් අඩු කිරීමට නියමිත බව වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *