මාකඳුරේ මදූෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කරයි!

May 5, 2019 at 6:48 am | by admin

පාතාළ නායකයකු වන කුප්‍රකට අපරාධකරු මාකඳුරේ මදූෂ් අද (05) උදෑසන ශ්‍රී ලංකාවට පිටුවහල් කළ අතර ගුවන් තොටුපළේ දී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට පත්විය.

මේ වන විට ඔහු කටුනායක ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය භාරයේ සිටියි. තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මදූෂ් ඩුබායි අධිකරණයට යොමු කරන ලද අභියාචනයේ තීන්දුව එළඹෙන 09 වෙනිදා ලබා දෙන බව කලින් ප්‍රකාශ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස